Monday, March 21, 2016 0 අදහස්

20.03.2016



ජීවිතයේ විවිධ කාල වල විවිධ දේවල් අපට සිද්ද වෙනවා. ගොඩක් දේවල් අනපේක්ෂිතයි. සරළවම බැලුවොත් අපේ ජීවිතයෙ වැඩි හරියක්ම තියෙන්නෙ ඒම් සහ යාම්. සමහරු අපේ ජීවිත වලින් යන්නෙ කිසිම පෙර දැනුම් දීමකින් තොරව, තවත් සමහරු අපේ ජීවිත වලට එන්නෙත් එහෙමයි. ඒවගේම තමයි විවිධ කාල වලදී හමුවෙන පුද්ගලයින් අපේ ජීවිත වල ගොඩක් වෙනස්කම් සිදු කරනව. සමහර දේවල් සිද්ධ වෙන්නෙ ඇයි කියලවත් අපි හරියට දන්නෙ නෑ. ඒ අතරතුර අපි ගොඩක් ලොකු බලාපොරොත්තුත් එක්ක ජීවිතයේ ලොකු ගමනක් යන්න උත්සාහ කරනව.
මගේ ජීවිතයේ ආපසු හැරිල බැලුවොත් ඒ අතරින් මගේ මතකයේ රැඳුන සිදුවීම් ඉතාමත් සුළු ප්‍රමාණයක් තිබෙන්නෙ. සමහර සිදුවීම් කාලයත් සමගම ඉතා සියුම් ලෙස මටත් නොදැනිම මගේ මතකයෙන් ගිලිහිලා. සමහර සිදුවීම් ඕනකමින්ම මම අමතක කරලා. ඒත් ගොඩක් වෙලාවට අපි හමෝටම තියෙනව එහෙම ලේසියෙන් අමතක වෙන්නෙ නැති විශේෂ දේවල් අපේ ජීවිත වල.
බොහෝ විට හුදකලාව සහ පාඩුවේ ජීවත් වීමට කමති මා නෑදෑ හිත මිතුරන් අශ්‍රය කරන්නේද ඉතාමත් සීමිතව. ඒ නිසාම සමහරු මාව තේරුම් ගන්නේ ඔවුන්ගේ සමාජ ආශ්‍රයන්ට නොගැලපෙන පුද්ගලයෙක් විදිහට, සමහරු හිතන්නේ මම හරි ආඩම්බරකාරයෙක් එහෙමත් නැත්නම් උඩඟු පුද්ගලයෙක් විදිහට, තවත් සමහරු මගේ හැසිරීම් සහ ජීවන රටාව දැඩි ලෙස විවේචනය කරනවා. ඒත් ඔය අතරතුර මාව තේරුම් ගත්ත සැබෑ නෑදෑ හිත මිතුරන්ද නැතුවා නොවේ.
කාලයත් සමග අපේ ජීවිතත් දවසින් දවස වයසට යනවා. ඒ අතරතුර අත්දැකීම් වලිනුත් අපි මුහුකුරා යනවා. ජීවිතයට අවශ්‍ය මොනවාද අවශ්‍ය නැත්තේ මොනවාද, ජීවිතයේ ප්‍රමුකතාවයන් මොනවාද කියල අපි තේරුම් ගන්නවා. සමහර වෙලාවට අපේ ජීවිතවල ප්‍රමුකතාවයන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා.
හිතේ තියෙන ගොඩක් දේවල් වචන වලට පෙරල ගන්න හරි අමාරුයි. සමහර දේවල් වචන වලට පෙරලුවත් ඒහි නියම අරුත ඒක නොවෙන්න පුලුවන්. ඒ විදිහට මට මෙතෙක් කාලයක් තුල දැනුන දේවල් තමයි කලින් මම විස්තර කලේ. 
ඔය දේවල් අතරතුර අපි වටිනාකමක් දෙන සමහර පුද්ගලයින්ගෙන් අපිට ඒ වටිනාකම ලබෙන්නෙ නැති වෙලාවක ජීවිතයට අහම්බෙන් එකතු වුන පුද්ගලයින්ගෙන් අපිට ඉහල වටිනාකමක් ලැබෙන අවස්ථාද නැතුවා නොවේ. අදත් ඒ වගේ දවසක් කියල මට හිතෙනවා. කාලයකට ඉහත දී මගේ ජීවිතයට අහම්බෙන් එකතු වුන සුන්දර මිනිසුන් පිරිසක් විසින් මට ඒ වටිනාකම ලබා දුන්නා. වටිනාකම කියල මම අදහස් කරන්නෙ මිළ මුදල්, තෑගි බෝග වගේ භෞතික දේවල් නෙමෙයි. එතනින් එහාට ගිය බොහොම පරාර්තකාමී හැඟීමක්. සමහරවිට මගෙන් ඔවුන්ට ඒ වගේ වටිනාකමක් නොලැබුනත්, ඔවුන්ගෙන් මම ඒ වටිනාකම ලබන්න තරම් වාසනාවන්ත වුනා. මම තාමත් හිතන්නෙ, මම ඒ තරම් වටිනාකමක් ලැබිය යුතු පුද්ගලයෙක්ද කියල! ඒත් කලින් මම කිව්ව වගේ ජීවිතය කියන්නෙ, අනපේක්ශිත චාරිකාවක්. ඒ චාරිකාව අතරතුර අපට ඕනෑම දෙයක් සිදුවිය හැකියි කියල මම විශ්වාස කරනවා. මම හිතනවා, අද දවසත් ඒ වගේ සුවිශේෂී දවසක් වෙයි මට, කවද හරි ආපසු හැරිල බලපු දවසක. අනාගතය කියන්නෙ හරියට බොඳ වුන සිහිනයක් වගේ නමුත් වර්තමානය කියන්නෙ යථාර්තයක්. ඒ යථාර්තය තුල ජීවත් වීමට මම උත්සාහ කරනවා.
ඉතින් මගේ යථාර්තයට ඒ වගේ සුවිශේෂී බවක් එක් කලාට ඔයාලට ගොඩක් පිං! බොහොම ස්තුතියි නැවතත්!  ජය වේවා!
Saturday, February 14, 2015 0 අදහස්

Valentine's Wish


මට කෙනෙක් අවශ්‍යයි, ජීවිත කාලයේම මගේ අත් අල්ලන් ඉන්න.....
මට කෙනෙක් අවශ්‍යයි, මාත් එක්ක එකට කෑම කන්න....
මට කෙනෙක් අවශ්‍යයි, මාත් සමඟ ආගන්තුකයෙකු ලෙස නොහැසිරෙන....
මට කෙනෙක් අවශ්‍යයි, මා සමග ගොඩක් සමීප වන...
මට කෙනෙක් අවශ්‍යයි, ජීවිත කාලයේම සතුටින් ඉන්න දන්න...
මට කෙනෙක් අවශ්‍යයි, මාත් සමඟ එකතු වී අළුත් දේවල් ඉගෙන ගන්න කැමති..
මට කෙනෙක් අවශ්‍යයි, මාත් එක්ක එකට උණුසුම් කෝපි කෝප්පයක් බොමින් චිත්‍රපට බලන්න...
මට කෙනෙක් අවශ්‍යයි, මා හට ගුරු හරුකම් දීමට දන්න...
මට කෙනෙක් අවශ්‍යයි, අපහසු කාල වලදී දිරි ගැන්වීමට හා ජීවිතයට ශක්තියක් වන්නට...
මට කෙනෙක් අවශ්‍යයි, මාව තවත් එක යහලුවෙක් ලෙස නොසලකන...
මට කෙනෙක් අවශ්‍යයි, මාව හැම වෙලෙම සිනහ ගස්සවන...

Sunday, June 30, 2013 2 අදහස්

25/25

මගේ 25 වෙනි උපන්දිනය ජූනි මස 25 වෙනිදා කවදාවත් දැනුනෙ නැති ආකාරයක ආලෝකයකින් ආදරය උතුරා යන ඉතාමත් සංවේදී දිනයක් විය. අනපේක්ෂිත ජීවිත චාරිකාවේ අහම්බයෙන් හමු වුන ඉතා සුන්දර සහෘදයන් පිරිසක් සමඟ ගත කල කාලය, ජීවිතයේ මා ලැබූ ඉතා සුන්දර කාල පරිච්ඡේදයකි. බොහොමයක් අවස්ථා වලදී, ජීවිතයේ සැමරීම් මග හැරීමට උත්සාහ ගන්නා මා, එය දුටුවේ ඉතා අනවශ්‍ය දෙයක් ලෙසය. තනිව හැදුනු මා ජීවිතයේ සෑම අවස්ථාවක්ම තනිව විඳ දරා ගැනීමට පුරුදු වී සිටියේය. මාගේ මෙම අවුරුදු 25 තුල ආපසු හැරී බැලූ විට සැමරීමට තරම් වූ වටිනා දේවල් නොවීය. මුල් කාලයේදී ඒ ගැන ඉතා කළකිරීමට පත් ව සිටියද, පසු කලෙක ජීවිතයේ යථාර්තය ටිකෙන් ටික අවබෝධ වීමත් සමඟ, සැම දෙයකම අවසානය "හිස් බව" යන්න තේරුම් ගතිමි. කොතරම් විශාලව සෑම දෙයක්ම ග්‍රහණය කර ගැනීමට උත්සාහ කලද, කොතරම් සුළු වශයෙන් සෑම දෙයක්ම ග්‍රහණය කර ගත්තද, අවසානයේ හිස් බව ඒකාන්තය. එම නිසා මගේ අතීතය පිළිබඳ වූ කළකිරුනු මානසිකත්වයෙන් මා නිදහස් විය. 
ජීවිතය බොහොම සරළව හා නිදහස්ව ගත කිරීමට උත්සාහ කල මා හට, අනපේක්ෂිතව මුනගැසුණු ඉතා සුන්දර මිනිසුන් පිරිසක් විසින් මෙතෙක් ජීවිතයේ මා නොලැබූ ආකාරයේ වටිනාකමක් මගේ ජීවිතයට එක් කලේය. එතරම් වටිනාකමක් ලැබීමට තරම් මා සුදුසු දැයි පවා විටෙක මට සිතෙයි. කෙසේ වෙතත්, මේ සියල්ල දෛවයේ කැමැත්තට අනුව සිදු වූ දෙයක් ලෙස මට හැඟේ. බොහෝ විට මෙම සැමරීම මාගේ ජීවිත්යේ දී මා දැනුවත්ව සහ මාගේ ඕනෑකමින් සැමරූ ප්‍රථම සහ අවසාන සැමරීම විය හැක. ඉදිරිය ගැන මම නොදනිමි. ඒ සියල්ල මම දෛවයට බාර කරමි. 
නොදැනුවත්වම මේ සියළු දෙයක්ම මාගේ ජීවිතයේ බැඳීම් වැඩි කරන බවක් මට හැඟේ. නමුත් එම බැඳීම් වලින් නිදහස් වීම දරාගත නොහැකි වේදනාකාරී දෙයකි. එහෙත් අවසානයේ අකමැත්තෙන් හෝ එම වේදනාකාරී අවස්ථාවට මුහුණ දීමට සිදුවන බව මම දනිමි. මට හැඟෙන ආකාරයට යථාර්තය සැම විටම නීරසය, නමුත් බොහෝ දෙනා එම නීරස බවින් මිදීමට නොයෙකුත් මායාවන් පසුපස හඹා යති. එහෙත් අවසානයේ මෙම නීරස යථාර්තය සැමටම උරුම බව ඔවුන් නොදනී. 
කෙසේ වෙතත්, මෙම සුන්දර මිනිසුන් සමඟ ගත කිරීමට ලැබුනු කෙටි කාලය මා හට ජීවිතය පවත්වාගෙන යාමට ලැබුනු බලාපොරොත්තුවක් වැනිය. මට ලබාදුන් ඒ සුන්දර මතකන් හා ඒ අගය කිරීම් වලට, ඔබ සියළුදෙනාටම බොහොම පිං.....!!! ජය වේවා...!!
Monday, June 25, 2012 0 අදහස්

අද මගේ උපන්දිනය..!!

අද තමයි මගේ උපන්දිනය, හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් ඒ දවස උදා වුනා. මම ජීවත් වුන මේ කාලය ඇතුලත විවිධ අත්දැකීම් රාශියක් මට ලැබුනා. බලාපොරොත්තු නොවූ සිදුවීම් රාශියක් සිදු වුනා. විවිධ පුද්ගලයින් මට හමු වුනා. ගොඩක් විශ්වාස කරපු අය, ඒ විශ්වාසය නැති කලා. බලාපොරොත්තු නොවූ පුද්ගලයන් ජීවිතයට එකතු වුනා.

ඉතින් ඔය විදිහට, දවසින් දවස මම මරණයට ලඟා වෙනව. ඒ වගේම දවසින් දවස මගේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතු වෙනව. මට කවුරුත් සුභ පැතුවෙ නැති වුනාට කමක් නෑ, මම තරහ නෑ. ජීවිතයේ හැමදාම මාත් එක්ක ඉන්ඩ පොරොන්දු වෙච්ච අයත් මාව දාල යනකොට, මේ වගේ පොඩි පොඩි දේවල් වලට කම්පා වෙන එක කිසිම තේරුමක් නෑ.

මම දැන් හොඳටම දන්නව, කවුරු මොනව කිව්වත් "අන්තිමට මට ඉන්නෙ මං විතරයි. "
                           මේ දක්වා මගේ ජීවිතය සාර්ථක කරගන්ඩ උදව් වෙච්ච ඔක්කොටම බොහොම ස්තුතියි....!!!

                     
Monday, June 4, 2012 0 අදහස්

Recovering


  • යම් කෙනෙකු කල වැරැද්දක් නිසා හදවත දැඩි ලෙස තුවාල විය හැක, එය ඉතා වේදනාකාරී.
  • ඕනෑම තුවාලයක් කාලයත් සමග සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවපත් කරගත හැක. නමුත් එම තුවාලය කොනිති ගසමින් නැවත නැවත පෑරීම තුලින් එම වේදනාව කාලාන්තරයක් පවතී.
  • වේදනාකාරී අතීතයේ රැඳෙමින්, එක් අයෙකුගේ වැරැද්දක් නිසා මුළුමහත් සමාජයටම වෛර කරමින් ආදරය ප්‍රතික්ශේප කිරීම සුදුසු නැත.
  • එමගින් සිදුවන්නේ අපව සමාජයෙන් කොන්වීමයි, නමුත් ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි.
  • කෙනෙකු, අතීතයේ සිදුවීම් නිසා කොතරම් කලකිරීමට හා වේදනාවට පත්ව සිටියත්, ජීවිතය එක තැන රැඳෙමින් පල්වන දෙයක් නොව. එය ගංගාවක් මෙන් ඉදිරියටම  ගලාගෙන යයි, එමනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපටත් වර්තමානයට හා අනාගතයට මුහුණ දීමට සිදුවේ.
  • ජීවිතයේදී අපට ලැබෙන හොඳම ගුරුවරයා අතීතයයි, එමනිසා අතීතයේ ලද අත්දැකීම් වලින් වර්තමානය හා අනාගතය සාර්ථක කර ගත යුතුය.
Monday, May 28, 2012 4 අදහස්

Relationships

Hi :)

අයියා...:)

කොහොමද?

අනේ... ;)

මෙයා /ඔයා O:)

Dear :) O:)

My Dear :) O:)

පැටියො :* <3

Darling  :* :* <3

සුදූ :* :* :* <3

බබෝ  :* :* :* :* <3

රත්තරං  :* :* :* :* :* <3

වස්තුවේ  :* :* :* :* :* :* <3

 පණ :* :* :* :* :* :* :* :* <3

------- :| :| O.o

ඇයි ? :| :(

අනේ... :| :| :(

ටිකක් busy ... :( :(

හ්ම්ම්.... :( :( :'(

ok.   :( :'( :'(

bye.. :'( :'( :'( :'(

...........waiting
......
....
..
.
Not Responding....... :/ >:( errrrrrrr

The End
Tuesday, May 22, 2012 0 අදහස්

නිදිමත එනකන්......


නිදිමතයි... සැමදෙයක්ම බොඳවෙලා සිහිනයක් වගේ..
ගොඩක් දුකයි, තරහයි, එපා වෙලා හැමදෙයක්ම වගේ..
ලොකු අසරණකමක් දැනෙනව ඒ වෙලාවට හිතට මගේ..
දැනෙන්නෙ ඒ වෙලාවට තමයි දෙමාපියන්ගෙ අගේ..
හොඳම යාළුවො විතරක් හැමදාමත් ඉන්නව ලඟින් මගේ..

නුඹට විතරයි තේරුනේ නැත්තෙ මේ මෝඩයගෙ අගේ.....
 
;