Monday, May 28, 2012 4 අදහස්

Relationships

Hi :)

අයියා...:)

කොහොමද?

අනේ... ;)

මෙයා /ඔයා O:)

Dear :) O:)

My Dear :) O:)

පැටියො :* <3

Darling  :* :* <3

සුදූ :* :* :* <3

බබෝ  :* :* :* :* <3

රත්තරං  :* :* :* :* :* <3

වස්තුවේ  :* :* :* :* :* :* <3

 පණ :* :* :* :* :* :* :* :* <3

------- :| :| O.o

ඇයි ? :| :(

අනේ... :| :| :(

ටිකක් busy ... :( :(

හ්ම්ම්.... :( :( :'(

ok.   :( :'( :'(

bye.. :'( :'( :'( :'(

...........waiting
......
....
..
.
Not Responding....... :/ >:( errrrrrrr

The End
Tuesday, May 22, 2012 0 අදහස්

නිදිමත එනකන්......


නිදිමතයි... සැමදෙයක්ම බොඳවෙලා සිහිනයක් වගේ..
ගොඩක් දුකයි, තරහයි, එපා වෙලා හැමදෙයක්ම වගේ..
ලොකු අසරණකමක් දැනෙනව ඒ වෙලාවට හිතට මගේ..
දැනෙන්නෙ ඒ වෙලාවට තමයි දෙමාපියන්ගෙ අගේ..
හොඳම යාළුවො විතරක් හැමදාමත් ඉන්නව ලඟින් මගේ..

නුඹට විතරයි තේරුනේ නැත්තෙ මේ මෝඩයගෙ අගේ.....
Sunday, May 20, 2012 0 අදහස්

Waiting..එයාගේ..phone එක waiting.......

Waiting එයාගේ phone එක waiting .....//
මම කතා කරන බව දැන දැනත්...මම දුකින් ඉන්න බව දැන දැනත්... 
එයාගේ phone එක waiting .....

මම හඬා වැටෙන බව දැන දැනත්...මම නොකා ඉන්න බව දැන දැනත්...
එයාගේ phone එක waiting .....
මම ආදරේ බව දැන දැනත්...මට කිසිවෙකු නැති බව දැන දැනත්...  
මම නින්දට බය බව දැන දැනත්...මම සීතලට බය බව දැන දැනත්...  
මම තනියට බය බව දැන දැනත්...
එයාගේ phone එක waiting .....//

දැන් එයා waiting අයින් කරලා... නෑ එයා phone එක off කරලා....  
නෑ එයා sim එක change කරලා... අමාරුවෙන් සල්ලි එකතු කරලා....
අමාරුවෙන් සල්ලි එකතු කරලා.... මම අරන් දීපු sim එක එයා....
වීසිකරලා.....

එයා මට කතා කරාවී.... මොනවහරි කියාවී....//          
Wednesday, May 16, 2012 0 අදහස්

PEHLA NASHA (ප්‍රථම හැඟීම)

ප්‍රථම ආදරය සැමවිටම අතිවිශේෂයි. එය ලබා ගැනීමට අප දරන උත්සාහය ඉතා සුන්දරයි. එවිට මුළු ලෝකයම අපට ලැබුනා සේ හැඟේ. නමුත් හදවත බොහොම චංචලයි, අපි මොනවද කරන්නෙ, මොනවද වෙන්නෙ කියල අපිටම තෙරෙන්නෙ නෑ.......
0 අදහස්

ආදරය Vs. Busy

ඇත්තටම කාර්යබහුලත්වය ආදරය කිරීමට බාදාවක් ද?
...................................................................................
එසේ නම්, ඔහු/ඇය මුල් අවදියේදී ආදරය දිනා ගැනීම සඳහා කොතරම් කාර්යබහුල වුවත් කාලය වැය කරන්නේ කෙසේ ද?
................................................................................
ආදරය දිනාගත් පසු එම දිනාගත් ආදරය රැක ගැනීම සඳහා දවසේ පැය 24න් විනාඩි කීපයක් වත් ගත කිරීමට නොහැකි ද?
.........................................................................................
තම ජීවිතයේ ආදරය වෙනුවෙන් කැපකිරීම් කෙරූ/කරන කෙනෙකු වෙනුවෙන් එක විනාඩියක් වත් වැය නොකිරීමට තරම් ආත්මාර්ථකාමී වීම, ආදරය ද?
................................................................................
කෙනෙකු ගේ අහිංසක බලාපොරොත්තු වත් තේරුම්ගත නොහැකි හදවතකින් ආදරය කරන්නේ කෙසේ ද?
......................................................................................

ලෝකයාට පෙනෙන්නට පමණක් සතුටින් සිනාසී සැම දෙයම කෙරුවත්, ඔබේ හෘදසාක්ෂියට හා ආදරයට වංචා කර ගැනීමට තරම් කාර්යබහුලත්වය ඔබට වටිනවා ද?
................................................................................
එසේ නම්, කාර්යබහුලත්වය නිසා ඔබට, මුදල්, තානාන්තර, ගෞරවය ආදී දේවල් ලැබිය හැක. නමුත් ඔබට හදවතින්ම ආදරය කල කෙනෙකු සදහටම නැති විය හැක.....


Thursday, May 10, 2012 0 අදහස්

හදවතේ පිළිකාව



  • උදේ අවදි වනවාත් සමගම හදවතේ වේදනාව ආරම්භ වීමට පටන් ගනී.
  • ඇඳේ සිටම අතීතය හා වර්තමානය අතර ක්ෂණික සංසන්දනයක යෙදෙයි.
  • එවිට ජීවිතය පිළිබඳ හිස් බවක්, උදාසීනකමක්, අරමුණක් නැති ස්වභාවයක් හට ගනී.
  • මේ නිසා දවසේ සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට කිසිම උද්‍යෝගයක් ඇති නොවේ.
  • දහවල් කාලය වන විට වේදනාව තව තවත් වැඩි වේ.
  • බොහෝ විට හුදකලාව සිටීමට කැමැත්තක් දක්වයි. 
  • එවිට නිරන්තර අතීත මතක සටන් අතර දිවයාමක් සිදුවේ.
  • ජංගම දුරකථනය නිතර නිතර පරීක්ෂා කිරීම හා ඒ තුලින් නැවතත් හදවත යමක් අපේක්ෂා කරයි. 
  • හදෙහි කොනක රැඳී ඇති ගිනි පුපුරක් වැනි කුඩා බලාපොරොත්තුවක් හේතුවෙන් ජීවිතය ජීවත් කරවයි.
  • සවස් යාමය වන විට කායික තෙහෙට්ටුව හා මානසිකව ඇතිවන දුක, වේදනාව, කෝපය යන සියල්ලෙහි සම්ප්‍රයුක්තය මගින් දරාගත නොහැකි දැඩි පීඩනයක් ඇති කරයි.
  • එම සම්ප්‍රයුක්ත බලය මගින් මුළු ශරීරයම අඩපන කරන අතර, පරාජිත මානසිකත්වයක් ඇති කරයි. 
  • එයට එරෙහිව නැගී සිටීමට ඇත්තේ තවමත් හදෙහි කොනක රැඳී ඇති පුංචිම පුංචි බලාපොරොත්තුවක් පමණි.
  • එම බලාපොරොත්තුවද නැතිවී ගිය දිනක, පිළිකා සෛල මගින් මුළු හදවතම සහ ශරීරයම ආක්‍රමණය කරයි............ 
0 අදහස්

වෙසක් සහ මං


වෙසක් බලන්නට, සෙනග නොඉවසිල්ලෙන් එහෙ මෙහෙ දුවයි.
විදුලි බුබුළු, වෙසක් කූඩු, තොරන්, දන්සැල්, සංගීත නාදයන් සිතෙහි අමුතු ජවයක් ඇති කරයි.
තරුණ තරුණියෝ දහස් ගණනින් නෙත ගැටෙයි, ඒ අතර මා නුඹේ රුව සොයමින් ගවේශණයක...............
Monday, May 7, 2012 0 අදහස්

SMS


ඉඩෝරයට කොයි තරම් පොළව ඉරිතලා තිබුනත්...
අවසානයේ ඇද හැලෙන වර්ෂාවෙන්..... 
නැවතත් එම ඉරිතැලීම් වැසී යනවා මෙන්,
හදවත, කොතරම් ඉරිතලා තිබුනත්...

නුඹෙන් ලැබෙන කෙටි පණිවිඩයේ ඇති....

"තරහ වෙලාද මාත් එක්ක?"


යන වදන් පෙළ දැකීමෙන්,

ඉරිතැලූ හදවතෙහි නැවතත්
ආදර උල්පත පිටාර ගැලීම
කොතරම් අරුමයක්ද......

Sunday, May 6, 2012 0 අදහස්

යථාර්තය


  • පිරිමියා බොහොම රළු, සැර පරුෂ, විනෝදකාමී පුද්ගලයෙකු ලෙස පෙනුනද, ගැහැණියක ගේ ආදරය හමුවේ ඔහු ඉතා දුර්වලයෙකි.
  • ගැහණියකගේ සුළු නිහඬතාවය පවා ඔහුව ඇඬවීමට තරම් ප්‍රබලය. තවද ගැහැණියකගේ ආදරණීය වදන් ඔහුගේ ආත්මයම නැලවීමට තරම් ශක්තිමත්ය.
  • ආදරය කරන මුල් අවදියේදී ගැහැණිය සහ පිරිමියා එකතු වී සිහින මාලිගා රැසක් තනයි, ඒවා ඔවුන්ව ජීවත් කරවීමට බලාපොරොත්තු ඇතිකරයි.
  • කාලයත් සමඟ එම සිහින එකින් එක බිඳ වැටීමට පටන් ගනී, යථාර්තය හමුවේ එම සිහින කොතරම් බොළඳ දැයි පසුව ඔවුන්ටම වැටහෙයි.
  • මිල මුදල්, අධ්‍යාපනය, රැකියා, සමාජ සම්බන්දතා, ආත්ම ගරුත්වය, දෙමාපිය මැදිහත් වීම්...ආදී දේවල් හමුවේ සිහින වල රැඳී සිටීමේ හැකියාව අඩුවේ.
  • එම නිසා තම තමන්ගේ සාර්ථකත්වය සඳහා යන ගමන තනි තනිව ගමන් කිරීමට දෙදෙනාටම සිදුවේ.
  • මෙහිදී ආදරයේ නාමයෙන් ඔවුනොවුන් කරන්නේ, එකිනෙකාව රවට්ටා ගැනීමක් පමණි.
  • තවද එම ආදරයේ යටි අරමුණ වන්නේ දෙදෙනාම, දෙදෙනාගෙන් යමක් බලාපොරොත්තු වීම.
  • අසංතෘප්තකර හැඟීම් ඔස්සේ හඹා යන ඔවුන්, යම්තාක් දුරට හෝ සංතෘප්ත වූ දිනක ඔවුන්ට ආදරය මතක් වේ. එවිට ඔවුන් සැබෑ ආදරය කිරීමට පෙලඹේ.
  • නමුත් ඒ අවස්ථාවේදී බොහෝවිට ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර ලැබෙන්නේ නැත. සැබෑ ආදරය අයැද සිටියත්, මිනිසුන් සියල්ලෝම පෘතග්ජනයෝ නිසා ඒ වන විටත් ඔහු/ඇය ගේ හිත වෙනස් වී හමාරය.
  • අවසානයේ දෙදෙනාගෙන් එක් අයෙකුට දුක උරුම වනු ඇත. අතීතය ආවර්ජනය කරමින්, පසුතැවෙමින්, කෝපවෙමින් ජීවිතය විඳවනු ඇත.
    (සැ.යු: හිත ශක්තිමත් කෙනා සියල්ල අමතක කර නැවත තමන්ගේ ජීවිතය පවත්වාගෙන යයි, දුර්වලයා තවමත් පසුතැවෙමින් ජීවත් වෙයි.)


Tuesday, May 1, 2012 2 අදහස්

ගැහැනිය, ආදරය, රාගය, වේදනාව....etc


මිනිසෙකු ගේ ජීවිතය ජීවත්කර වීමටත්....
සුරාන්තය දක්වා ඔහුව සතුටු කිරීමටත්....
අත දරුවෙකු මෙන් සුරතල් වීමටත්....
තමන්ගේ ලැජ්ජාව ලෝකයාට පාවා දීමටත්....
අසරණකම හිතේ දරා එය නොපෙන්වා සිටීමටත්...
ගිනි කන්දක් මෙන් දැවි දැවී ජීවත් වීමටත්...
අවසානයේ පිස්සෙකු මෙන් ලෝකයාට වෛර කිරීමටත්...
හේතු වන අරුම පුදුම සත්වයා "ගැහැනියයි".......
 
;