Sunday, May 6, 2012

යථාර්තය


  • පිරිමියා බොහොම රළු, සැර පරුෂ, විනෝදකාමී පුද්ගලයෙකු ලෙස පෙනුනද, ගැහැණියක ගේ ආදරය හමුවේ ඔහු ඉතා දුර්වලයෙකි.
  • ගැහණියකගේ සුළු නිහඬතාවය පවා ඔහුව ඇඬවීමට තරම් ප්‍රබලය. තවද ගැහැණියකගේ ආදරණීය වදන් ඔහුගේ ආත්මයම නැලවීමට තරම් ශක්තිමත්ය.
  • ආදරය කරන මුල් අවදියේදී ගැහැණිය සහ පිරිමියා එකතු වී සිහින මාලිගා රැසක් තනයි, ඒවා ඔවුන්ව ජීවත් කරවීමට බලාපොරොත්තු ඇතිකරයි.
  • කාලයත් සමඟ එම සිහින එකින් එක බිඳ වැටීමට පටන් ගනී, යථාර්තය හමුවේ එම සිහින කොතරම් බොළඳ දැයි පසුව ඔවුන්ටම වැටහෙයි.
  • මිල මුදල්, අධ්‍යාපනය, රැකියා, සමාජ සම්බන්දතා, ආත්ම ගරුත්වය, දෙමාපිය මැදිහත් වීම්...ආදී දේවල් හමුවේ සිහින වල රැඳී සිටීමේ හැකියාව අඩුවේ.
  • එම නිසා තම තමන්ගේ සාර්ථකත්වය සඳහා යන ගමන තනි තනිව ගමන් කිරීමට දෙදෙනාටම සිදුවේ.
  • මෙහිදී ආදරයේ නාමයෙන් ඔවුනොවුන් කරන්නේ, එකිනෙකාව රවට්ටා ගැනීමක් පමණි.
  • තවද එම ආදරයේ යටි අරමුණ වන්නේ දෙදෙනාම, දෙදෙනාගෙන් යමක් බලාපොරොත්තු වීම.
  • අසංතෘප්තකර හැඟීම් ඔස්සේ හඹා යන ඔවුන්, යම්තාක් දුරට හෝ සංතෘප්ත වූ දිනක ඔවුන්ට ආදරය මතක් වේ. එවිට ඔවුන් සැබෑ ආදරය කිරීමට පෙලඹේ.
  • නමුත් ඒ අවස්ථාවේදී බොහෝවිට ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර ලැබෙන්නේ නැත. සැබෑ ආදරය අයැද සිටියත්, මිනිසුන් සියල්ලෝම පෘතග්ජනයෝ නිසා ඒ වන විටත් ඔහු/ඇය ගේ හිත වෙනස් වී හමාරය.
  • අවසානයේ දෙදෙනාගෙන් එක් අයෙකුට දුක උරුම වනු ඇත. අතීතය ආවර්ජනය කරමින්, පසුතැවෙමින්, කෝපවෙමින් ජීවිතය විඳවනු ඇත.
    (සැ.යු: හිත ශක්තිමත් කෙනා සියල්ල අමතක කර නැවත තමන්ගේ ජීවිතය පවත්වාගෙන යයි, දුර්වලයා තවමත් පසුතැවෙමින් ජීවත් වෙයි.)


No comments:

Post a Comment

 
;