Thursday, May 10, 2012

හදවතේ පිළිකාව



  • උදේ අවදි වනවාත් සමගම හදවතේ වේදනාව ආරම්භ වීමට පටන් ගනී.
  • ඇඳේ සිටම අතීතය හා වර්තමානය අතර ක්ෂණික සංසන්දනයක යෙදෙයි.
  • එවිට ජීවිතය පිළිබඳ හිස් බවක්, උදාසීනකමක්, අරමුණක් නැති ස්වභාවයක් හට ගනී.
  • මේ නිසා දවසේ සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට කිසිම උද්‍යෝගයක් ඇති නොවේ.
  • දහවල් කාලය වන විට වේදනාව තව තවත් වැඩි වේ.
  • බොහෝ විට හුදකලාව සිටීමට කැමැත්තක් දක්වයි. 
  • එවිට නිරන්තර අතීත මතක සටන් අතර දිවයාමක් සිදුවේ.
  • ජංගම දුරකථනය නිතර නිතර පරීක්ෂා කිරීම හා ඒ තුලින් නැවතත් හදවත යමක් අපේක්ෂා කරයි. 
  • හදෙහි කොනක රැඳී ඇති ගිනි පුපුරක් වැනි කුඩා බලාපොරොත්තුවක් හේතුවෙන් ජීවිතය ජීවත් කරවයි.
  • සවස් යාමය වන විට කායික තෙහෙට්ටුව හා මානසිකව ඇතිවන දුක, වේදනාව, කෝපය යන සියල්ලෙහි සම්ප්‍රයුක්තය මගින් දරාගත නොහැකි දැඩි පීඩනයක් ඇති කරයි.
  • එම සම්ප්‍රයුක්ත බලය මගින් මුළු ශරීරයම අඩපන කරන අතර, පරාජිත මානසිකත්වයක් ඇති කරයි. 
  • එයට එරෙහිව නැගී සිටීමට ඇත්තේ තවමත් හදෙහි කොනක රැඳී ඇති පුංචිම පුංචි බලාපොරොත්තුවක් පමණි.
  • එම බලාපොරොත්තුවද නැතිවී ගිය දිනක, පිළිකා සෛල මගින් මුළු හදවතම සහ ශරීරයම ආක්‍රමණය කරයි............ 

No comments:

Post a Comment

 
;