Monday, June 25, 2012 0 අදහස්

අද මගේ උපන්දිනය..!!

අද තමයි මගේ උපන්දිනය, හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් ඒ දවස උදා වුනා. මම ජීවත් වුන මේ කාලය ඇතුලත විවිධ අත්දැකීම් රාශියක් මට ලැබුනා. බලාපොරොත්තු නොවූ සිදුවීම් රාශියක් සිදු වුනා. විවිධ පුද්ගලයින් මට හමු වුනා. ගොඩක් විශ්වාස කරපු අය, ඒ විශ්වාසය නැති කලා. බලාපොරොත්තු නොවූ පුද්ගලයන් ජීවිතයට එකතු වුනා.

ඉතින් ඔය විදිහට, දවසින් දවස මම මරණයට ලඟා වෙනව. ඒ වගේම දවසින් දවස මගේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතු වෙනව. මට කවුරුත් සුභ පැතුවෙ නැති වුනාට කමක් නෑ, මම තරහ නෑ. ජීවිතයේ හැමදාම මාත් එක්ක ඉන්ඩ පොරොන්දු වෙච්ච අයත් මාව දාල යනකොට, මේ වගේ පොඩි පොඩි දේවල් වලට කම්පා වෙන එක කිසිම තේරුමක් නෑ.

මම දැන් හොඳටම දන්නව, කවුරු මොනව කිව්වත් "අන්තිමට මට ඉන්නෙ මං විතරයි. "
                           මේ දක්වා මගේ ජීවිතය සාර්ථක කරගන්ඩ උදව් වෙච්ච ඔක්කොටම බොහොම ස්තුතියි....!!!

                     
Monday, June 4, 2012 0 අදහස්

Recovering


  • යම් කෙනෙකු කල වැරැද්දක් නිසා හදවත දැඩි ලෙස තුවාල විය හැක, එය ඉතා වේදනාකාරී.
  • ඕනෑම තුවාලයක් කාලයත් සමග සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවපත් කරගත හැක. නමුත් එම තුවාලය කොනිති ගසමින් නැවත නැවත පෑරීම තුලින් එම වේදනාව කාලාන්තරයක් පවතී.
  • වේදනාකාරී අතීතයේ රැඳෙමින්, එක් අයෙකුගේ වැරැද්දක් නිසා මුළුමහත් සමාජයටම වෛර කරමින් ආදරය ප්‍රතික්ශේප කිරීම සුදුසු නැත.
  • එමගින් සිදුවන්නේ අපව සමාජයෙන් කොන්වීමයි, නමුත් ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි.
  • කෙනෙකු, අතීතයේ සිදුවීම් නිසා කොතරම් කලකිරීමට හා වේදනාවට පත්ව සිටියත්, ජීවිතය එක තැන රැඳෙමින් පල්වන දෙයක් නොව. එය ගංගාවක් මෙන් ඉදිරියටම  ගලාගෙන යයි, එමනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපටත් වර්තමානයට හා අනාගතයට මුහුණ දීමට සිදුවේ.
  • ජීවිතයේදී අපට ලැබෙන හොඳම ගුරුවරයා අතීතයයි, එමනිසා අතීතයේ ලද අත්දැකීම් වලින් වර්තමානය හා අනාගතය සාර්ථක කර ගත යුතුය.
 
;